පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පොලිතීන් කළ හදියක්.

පොලිතීන් වෙළන්ඳෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා මාරවිල රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .

මාරවිල , ලන්සිගම ප්‍රදේශයේ මාර්ගය අයිනේ පොලිතීන් අලෙවි කරමින් සිටි ව්‍යාපාරිකයා සතුව තිබු පොලිතීන් කවර සුළඟට ඇදී ඇවිත් පොලිස් නිලධාරීන් ගමන් ගත් යතුරුපැදියේ ඉදිරිපස රෝදයේ ගැටි ඇති අතර
ඉන් අනතුරට පත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල වෙත ඇතුළත් කර තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පොලිතීන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version