රුපියල් 10,000ක අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
නාරම්මල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත, පැමිණිලිකරුගේ නිවස පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී මත්පැන් වන කසිප්පු, නඩු නොදමා අඩු ප්රමාණයකට නඩු පැවරීම වෙනුවෙන් සහ ඉදිරියට කසිප්පු විකිණීමේ කටයුතු සිදුකර ගෙන යන ලෙස දන්වා ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
ඊයේ (16) සවස 6.40ට පමණ නාරම්මල ප්රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කුරුණෑගල මහෙස්ත්රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.