හිමිවරුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දීලා.

පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවට පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙම  විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයේ සිට යම් යම් හිරි හැර මැද මෙම භික්ෂුන් වහ්න්සේලා එහි වැඩවාසය කර ඇති බව සදහන්.

දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂීක පහර දීම් සිදුව ඇති බව කියයි.

මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන් හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබු බව කියයි.

ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩා වැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂීක පහර දී සිවුරු ගලවා දමා ඇති බව වාර්තා වේ.

මෙම පහර දීමට සම්බන්ධ හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සදහන් .

Exit mobile version