උ . පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 5 සිට.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේෂ පත්‍ර විදුහල්පතිවරුන්ටත් , පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා ඇති බවත් , විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුණුම්පත් අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශපත්‍රය බාගත හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version