සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇති බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා සඳහන් කර ඇත්තේ එම වාර්තාව මේ වන විට අධ්‍යනය සඳහා යොමු කර ඇති බවයි.