රැකියා විරහිත හෙද , හෙදියන්ගේ උද්ඝෝෂණයක්.

මීට අවුරුද්දකට පමණ ඉහතදී හෙද පුහුණුව අවසන් කළ ද මේ වන තෙක්ම පත්වීම් නොලැබුණු රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර තිබේ.

හෙට (03) උදෑසන 9.30 ට පමණ රත්නපුර නගරයේ ඔරලෝසු කණුව අසලදී මෙය පැවැත්වීමට කටයුතුකර තිබේ.

ඉතාම සාමකාමීව, නිහඬව පැවැත්වෙන මෙම උද්ඝෝෂණය පැය භාගයක් පමණ පවත්වා, සාමකාමීව විසිර යෑමට ඔවුන් සැලසුම් කර තිබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ දැනට ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳව රජය දැනුවත් කර එම ගැටලු විසදා ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීම ලබා ගැනීමයි.

ඒ හැර මෙම උද්ඝෝෂණය පිටුපස කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමක් මේවන තෙක්ම නොමැති බවද වැඩි දුරටත් වාර්තා වේ.

Exit mobile version