කැළණිය සරසවිය හෙට සිට යළි විවෘතයි .

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව වාර්තා වේ .

ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමිණි.

Exit mobile version