ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය මොන්ටි කාසිම් පත්කර තිබෙන බව වාර්තා වේ .
ඔහු මෙරට අධ්‍යාපනය උසස් තලයකට ගෙනඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ විද්වතෙක් වන අතර මහාචාර්ය මොන්ටි කාසිම් මහතා වරක් ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයකින්ද පිදුම් ලද්දෙකි. ඒ ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජපානයේ උසස් අධ්‍යාපනයට දුන් දායකත්වය අගයමිනි.