විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරයි.

සියලු වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනය පවසා ඇති බව වාර්තා වේ.

එහි සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පැවසුවේ අද දිනයේ සිට සාමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල සේවා කටයුතුවලට සහභාගී වන අතර සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

Exit mobile version