විද්‍යාත්මකව තහවුරුයි.. සතියෙන් ප්‍රතිඵල දෙයි..
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් හිස කෙස් හැලී යාම වැළැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබේ.
අකලට හිස කෙස් වැටීම නවතා දැමීමට සහ හිස කෙස් නැවත වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්ත බව මෙම සංයෝගය නිර්මාණය කළ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා ප්‍රකාශ කරයි .
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එය 90% ක් ප්‍රතිඵල දායක බව තහවුරු වී ඇති බවයි.
මීට පෙර පිළිකා සෛල නාශක හැකියාවෙන් යුත් ඖෂධයක් නිර්මාණය කරනු ලැබුවේ ද මහාචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමයි.
වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,