උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට.

හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේ ගල් පර්වත සමග පස්කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූ බව වාර්තා වේ.

  දුම්රිය මාර්ග කම්කරුවන් සහ යුද හමුදා සාමාජිකයින් පහළොස් දෙනෙකුගේ  සහභාගිත්වයෙන් දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර  කිරීමට කටයුතු කෙරුණු බව සදහන්.

 ඒ අනුව අද දින  උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවට නාවලපිටිය  දුම්රිය පාලක මැදිරිය  පවසා තිබේ.

Exit mobile version