උඩරට දුම්රිය මාර්ගයේ ග්රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් පැවති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසා ඇති බව වාර්තා වේ.
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු විශේෂ සීඝ්රගාමී දුම්රියක් ඊයේ (15) සවස මෙසේ පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බවට පාලක මැදිරිය සඳහන් කරයි.
පීලිපැනීමකට ලක් වු සීඝ්රගාමී දුම්රියේ මැදිරි පීලිගත කිරීමේ කටයුතු අද අලුයම 3.40 පමණ වනවිට අවසන් කිරීමට හැකි වු බවද පාලක මැදිරිය කියයි.