උඩරට දුම්රිය ධාවනය යථාතත්ත්වයට.

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇති බවට දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (10) රාත්‍රී 8.20ට රාත්‍රීතැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ විශේෂ දුම්රිය අද පෙරවරුවේ බදුල්ල දක්වා ධාවනය වූ බවට පාලක මැදිරිය පවසයි.

ඊයේ සවස හාලිඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ කොළඹ සිට ඇල්ල දක්වා සීමා කර තිබූ බව සදහන්.

Exit mobile version