උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවති මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසා ඇති බව වාර්තා වේ.
විදේශීය චිත්‍රපටයක් රූගත කිරීම සදහා දින කීපයක් වෙන් කොට ගෙන තිබුණු විශේෂ දුම්රියක් එම රූගත කිරීම් අවසන් කොට යළි කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබියදී ඊයේ (28) සවස මෙසේ පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බව සදහන්.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.