යූරියා පොහොර බෙදාදීම අද සිට.

ඕමානයේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා පොහොර මිටියක් රුපියල් 5000 ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර තිබේ.

ඉතා ඉහළ මිල ගණන් යටතේ පැවති පොහොර මිටියක් ඉතා සහනදායි මිලක් යටතේ මෙන්ම ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට රජය පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version