ඌරුබොක්කටත් ගංවතුරෙන් බාධා .

ඊයේ (22) ඇතිවූ අධික වැසි හේතුවෙන් ඌරුබොක්ක ඔය පිටාර ගැලීම හේතුවෙන් කොටපොල මාතර මාර්ගය ඌරුබොක්ක බද්දන්වෙල ප්‍රදේශයෙන් කිලෝමීටර් භාගයක් පමණ මුලුමනින්ම මේ වනවිට යටව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොටපොල මාතර සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ කඩ සාප්පු කිහිපයක්ද ජලයෙන් යටව තිබේ.

ඌරුබොක්කට බලපෑ ගංවතුර තත්ත්වය පහත වීඩියෝවෙන්,

Exit mobile version