ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලන අධිකාරිය අද (18) කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අනුව විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මේ වන විට සිසුන් ඉවත්වී ඇති අතර පොලිසිය විශ්ව විද්‍යාලය අභියස සිට ආරක්ෂාව සපයමින් සිටින බව සදහන්.
මේ පිළිබදව විමසූ විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුළපති ජයන්ත ලාල් රත්නසේකර පැවසුවේ නොසන්සුන්තාවය සමථයකට පත්වන තෙක් විශ්ව විද්‍යාලය තාවකාලිව වසාදැමීමට තිරණය කළ බවයි.