වවුනියාවේ සියලු රැඳෙවියන්ට එන්නත් .

වවුනියාව බන්ධනාගාරයෙන් වසූරිය රෝගය වැළදුණු රෝගීන් හය දෙනෙකු හමුවීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි බන්ධනාගාරයේ සිටින සිරකරුවන් හාරසීයකට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

මෙම රෝගීන් හයදෙනා වසූරිය වැනි බෝවන රෝගයකට ගොදුරු වී සිටින බවත් , ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් එම රෝගය සරම්ප රෝගය බවටත් , වෙනත් රෝගයක් බවටත් මත දෙකක් පළ වී තිබේ. රෝගය නිසි ආකාරව හදුනාගෙන නොමැති අතර සිරකරුවන් සියලු දෙනා එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව සඳහන්.

මෙලෙස රෝගී වූ සිරකරුවන් පිරිස වෙනමත් , අනෙක් සිරකරුවන් වෙනමත් රඳවා ඇති අතර ලබන අගෝස්තු මස 15 වනදා දක්වා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ .

ඇතැම් විට මෙම දිනය තවත් දීර්ඝ විය හැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

Exit mobile version