වාලම්පූරියක් පොලිස් දැලේ පැටලේ.

රුපියල් කෝටි 5 ක් පමණ වටිනා ඉතා දුර්ලභ ඝනයේ වාලම්පුරියක්  අලෙවි කිරීමට තැත්කළ කණ්ඩායමක්  පොලීසිය විසින් ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයන් හතර දෙනකු සිටින බව පොලිසිය සදහන් කර ඇත. ඔහුන් හය දෙනා කිරිඳිවල නිට්ටඹුව,මරදාන සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව සදහන්වේ. 

පොලිසිය වෙත, මෙම වලම්පුරිය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මකවූ පොලිසිය එය මිලදීගැනීමට උපාය දුතයකු යොදවා සිදුකළ වැටලීමකින් මෙම සැකකරුවන් හා වාලම්පුරිය අත්අඩංගුවට ගත් බව වාර්තාවන්නේ.

Exit mobile version