VAT සංශෝධනයට කථානායක අනුමැතිය.

ඊයේ (14) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර තිබේ.

පසුගිය 09 වනදා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා  පක්ෂව ඡන්ද 82ක් සහ විපක්ෂව ඡන්ද 41ක් හිමිව තිබේ.

ඒ අනුව 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් මස 14 වනදා සිට එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත  බලාත්මක කරන ලදී.

Exit mobile version