පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් ඇති බව වාර්තා වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන් පෙන්වා දෙන්නේ අද (22) අලුයම වන විට සැලකිය යුතු මට්ටමින් එළවළු මිල පහත වැටී ඇති බවයි.
කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑම් එකක තොග මිල
ගෝවා 350 – 380
ලීක්ස් 250 – 300
කැරට් 600 – 900
තක්කාලි 350 – 400
රාබු 70 – 80
කැකිරි 100 – 110
පිපිඤ්ඤා 60 – 65
වැටකොලු 300 – 320
බණ්ඩක්කා 250 – 300
පතෝල 250 – 300
කරවිල 300 – 350
වට්ටක්කා 90 – 100
වම්බටු 400 – 480
එල බටු 400 – 450
දඹල 320 – 350
මෑ කරල් 250 – 300
දෙහි 130 – 150
අමු මිරිස් 500 – 600
මාළු මිරිස් 700-750