නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කල වාහන හා පුද්ගලයන් අත්අඩංගුවට.

සතුනට හිංසා වන අයුරින් නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් සිටි එළ ගවයින් 04 දෙනෙකු සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  පොද්දල පොලිසිය පවසා තිබේ.

ඒ ඊයේ (21) දින පස්වරුවේ දී නාවින්න ප්‍රදේශයේදී ද සතුන්ට හිංසාවන අයුරින් එළගවයින් දෙදෙනෙකු ප්‍රවාහනය  කරමින්  සිටියදි සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදි තිබේ .

තවද අද (22) දින උදැසන දී එළ ගවයින් දෙදෙනෙකු ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මකවූ පොලිසිය පොද්දල කාසියදෙණිය ප්‍රදේශයේදී  සැකකරු හා එළගවයින් දෙදෙනා සමග ත්‍රි රෝද රථයද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරින් ත්‍රි රෝද රථය ලුහුබැදගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර  ත්‍රි රෝද රථයේ සිටි තවත්  සැකකරුවකු පැනගිය බවද පොලිසිය සදහන් කරයි.

Exit mobile version