වෙල්බුට්ටා සහ කුරණ මධුවා අත්අඩංගුවට.

ගෙවල් සහ වෙළදසැල් මංකොල්ල කෑම් රැසකට සම්බන්ධ වෙල්බුට්ටා සහ කුරණ මධුවා යන දෙදෙනා සොරා ගන්නා ලද භාණ්ඩද සමග මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මොහුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රාත්‍රී කාලයේදී වෙළදසැල් හා නිවෙස් වලට පැන භාණ්ඩ සොරා ගන්නා බවයි.

එලෙස සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදුලි උපකරණ විශාලප්‍රමානයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එසේ සොයාගන්න උපකරණ අතර ජංගම දුරකථන, TV, ශීතකරණ, ලැප්ටොප් පරිගණක, ගෑස් සිලින්ඩර වැනි භාණ්ඩ ඇති බව පොලිසිය සදහන් කොට තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මහේෂ් නිරන්ජන පෙරේරා  (වෙල්බුට්ටා) නැමැති වයස අවුරුදු 35 ක් වන අයකු හා විතානගේ මදුශංඛ (කුරණ මධුවා) නැමැති 24 වියැති අයකු වේ.

මොහුන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රවය සදහා ඇබ්බැහි වී සිටින හෙයින් මෙලෙස සොරකමේ යෙදෙන බව මුලික පරීක්ෂණ වලදී හෙලිවී තිබේ.

Exit mobile version