ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තරම් මහජනතාව සමග සමීපව වඩා කරන වෙනත් රාජ්ය ආයතනයක් නැත. එසේම මහජනතාව තුල අසීමිතව අප්රශාදයට ලක්ව තිබෙන්නේද පොලිස් දෙපාර්තමේන්තුවමය. නමුත් එම ආයතනය විනාශ කිරීම පිටුපස සිටින්නේ නිල ඇදුමේ උණුසුම පමණක් තිබෙන , නමුත් නිල ඇදුමේ ගරුත්වය සුරැකීමට උත්සාහ නොකරන සහ දේශපාලන ගෝලයන් වූ පොලිස් නිලධාරින්ය.
ඊයේ (07) බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් දිගට හරහට කදුළු ගෑස් ගැසූ බව අප දුටිමි. ඒවා වැදුනේ මහ මග ගමන් කරන සිවිල් වැසියන්ට සහ කුඩා දරුවන්ට මෙන්ම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින්ටය. එය පොලිසිය නොකළ යුතුව තිබු බරපතල අපරාධයකි. නමුත් එම අපරාධය එලියට ඒමත් සමගම තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වීර වික්රමාන්විත ක්රිරියාවකටත් එහා ගිය දරු සෙනෙහසටත් එහා ගිය ක්රියාවක් ජනගත විය. එම සිද්ධියත් සමගම පොලිසියේ කදුළු ගෑස් යටවිය. එකම නිල අඩුම අදින පුග්ලයන්ගේ පරස්පර විරෝදී ක්රියාවන් දෙකක් නොහොත් කොටසක් වැරදි කරද්දී ඔවුන්ගේම සගයෙකු එම වරදින් සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වලක්වා ගත්තේය.
ඔවුන්ට එසේ දැනීමත්, එසේ දැනීමට ස්නායු පද්ධතිය ක්රියාත්මක වීමත් සිදුවන්නේ ක්ෂනිකවමය. තප්පර කිහිපයක් ඇතුලත සියල්ලම සිදු වී අවසන් විය.
මහ මග දිගට කදුළු ගෑස් විසිරෙද්දී, තමන්ටත් වදින බව දැන දැනත් මේ නිලධාරීන් දෙදෙනා දිව යන්නේ කුඩා දරුවෙකු දෙසටය. ඒ තීක්ෂණ නෙත් හතරම දකින්නේ කුඩා දරුවාය. බොහෝ දෙනෙකු සමාජ ජාලවල අදහස් දක්වා තිබුනේ ඔහු ලග තිබෙන පිය සෙනෙහසයි. නමුත් මේ නිලධාරීන් දෙදෙනාම තවමත් තරුණයන්ය. දරුවා ඔසවාගෙන එන්නේ 24 හැවිරිදි අවිවාහකයෙකු වන සියඹලාවැහැර, කුරුනෑගල පදිංචි කොටුව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු 96501 පොලිස් කොස්තාපල් ජීවන්ත කුමාරයා. දරුවා රැකගැනීම සදහා එදෙසට දිව එන අනෙක් නිලධාරියා වන්නේ විලච්චිය අනුරාධපුර පදිංචි 27 හැවිරිදි විවාහකයෙකු වන කොටුව පොලිසියේම සේවයේ නියුතු පොලිස් කොස්තාපල් 27052 PDPS ප්රසාද් සම්පත් සමරකෝන් නමැති නිලධාරියෙකි.
මෙහි තිබෙන විශේෂත්වය නම් මේ දෙදෙනාම තවමත් පියවරුන් නොවීමයි. කුඩා දරුවා ඔසවාගෙන ගොස් ඔහුව ආරක්ෂා කරන්නේ තවමත් විවාහ වී නොමැති නිලධාරියාය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව ශ්රී ලංකාවේ සෑම ක්ෂේත්රයකම සිටින තරුණ නිලධාරීන් බොහෝ දෙනෙකු තම රාජකාරිය අකුරටම ඉටුකරති. නමුත් වයස අවුරුදු 30 පමණ පනින විට ඔවුන්ද පරණ කසිකබල් ගොඩටම වැටෙන බව දක්නට තිබේ. අප මේ තරුණ පරපුර සුරැකිය යුත්තේ තවත් ඔවුන්ම වැනි කොටසක් බිහිකර ගැනීමටය.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාම POLICE යන අකුරු 6 තේරුම සුරක්ෂා කර තිබේ. ( (P) Politeness, (O) Obedience , (L) Loyalitiy, (I) Intergrity, (C) Courage, (E) Efficincy. (P) ආචාරශීලී බව, (O) කීකරුකම , (L) පක්ෂපාතීත්වය (I) අඛණ්ඩතාව, (C) ධෛර්යය, (E) කාර්යක්ෂමතාව.). පොලිස් යන්නෙහි තේරුම එයයි. ඔබ පොලිස් නිලධාරියෙකු නම් මේ ගති ගුණ ඔබ ලග තිබේදැයි හදවතින්ම සිතා බලන්න. අවසන් වශයෙන් අපගේ පැතුම නම් මේ වැනි පොලිස් නිලධාරීන් ශ්රී ලංකාවට දිගින් දිගටම බිහි වේවා යන්නයි.