පොල්ගහවෙල යක්ගපිරිය ප්‍රදේශයේ ඉන්ධනහලකදී යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් සිවිල් පුද්ගලයෙකුට පහරදීමක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.
ඒ පිලිබදව සොයා බැලූ අපට වාර්තා වන්නේ එම ඉන්ධන හල අසල සේවයේ නියුතුව සිටි හමුදා භටයන්ට එම පුද්ගලයන් අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා එම ප්රශ්නය සිදුව තිබේ. එම පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතුව ලෙස ඔවුන් මත්ද්‍රවය භාවිතා කර තිබීම බවද වාර්තා වෙයි. කෙසේ නමුත් එම පහරදීම සම්පූර්ණයෙන්ම වැරදි බව ඕනෑම පුද්ගලයෙකුට බලු බැල්මට පෙනෙන අතර අප ඒ පිලිබදව යුධ හමුදා මාධ්‍ය ප්රකාෂකවරයාගෙන් විමසීමක් කරන ලදී. ඔහු සදහන් කලේ එම නිලධාරියාට විරුද්දව මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.
බොහෝ ඉන්ධන හල් අසල බීමත් පුද්ගලයන්ගේ අශෝභන හැසිරීම් නිසා දිගින් දිගටම සාමය කඩවීම් සිදුවේ. මෙම ස්ථානයේ යුධ හමුදා නිලධාරීන්ට අශෝබන ලෙස බැන වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. යුධ හමුදා නිලධාරියා විසින් පහර දෙන්නේද එසේ බීමත් පුද්ගලයෙකු වන බවද, ඔහුද අත් අඩංගුවට ගෙන තිබේ. එසේම මීට දින කිහිපයකට පෙර මොරටුවේදී ගුවන් හමුදාවෙන් පහරකෑමට ලක්වන්නේද එවැනිම බීමත් පුද්ගලයෙකි.