අද (28) දින උදෑසන වයිකින් මාස් නම් මගී නෞකාව කොලඹ වරායට පැමිණ ඇති බව වාර්තාවේ.
ඒ මලයාසියාවේ සිට සංචාරකයින් 900 ක් හා කාර්ය මණ්ඩලය 435 ක් රැගෙන බව සදහන්වේ.
කොලඹ වරායේ ප්රකාශකයෙකු සදහන්කොට ඇත්තේ මෙලෙස පැමිණි සංචාරකයන් මහනුවර, පින්නවල, කොලඹ ඇතුළු තවත් ස්ථාන කිහිපයක සංචාරය කරන බවත් හෙට දිනයේ මෙම නැව ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව ඇති බවතය.