පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 2010 වර්ෂයෙ සිට 2014 වර්ෂය දක්වා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබූ අතර මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ගොනු කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන්නැයි විත්ති පාර්ශවය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව එම නඩුව කල් දැමූ බව වාර්තා වේ .
ඒ අනුව මෙම නඩුව යළිත් ඔක්තොම්බර් මස 27 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළ බව සඳහන් .