ගාසා තීරයේ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය

යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පැවසුවේ ළමුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය ගාසා තීරයෙන් ඔබ්බට වූ බටහිර ඉවුරටද ව්‍යාප්ත වී ඇති බවයි.

වාර්තා වන ආකාරයට සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක් වීම හෝ තුවාල ලබන බවට යුනිසෙෆ් සංවිධානය මගින් ප්‍රකාශ කර තිබේ.

දරුවන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය එක්සත් ජාතීන්ගේ කවුන්සිලය හමුවේ පවසා ඇති බවත් මෙම පවතින යුධමය තත්ත්වය තුල පලස්තීන ඊශ්‍රායල් දරුවන් අත් විදිමින් සිටින දරුණු කම්පනයේ ප්‍රතිවිපාක ජීවිත කාලය පුරාම පැවතිය හැකි බවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version