විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.
ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.
එමෙන්ම සැකකරු ලබන 29 වනදා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා අද බන්ධනාගාර දෙපාර්මේන්තුවට නියෝග කළ බව වාර්තා වේ.
සැකකාර චීවරධාරියා පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකාර චීවරධාරියා අද දින කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ගංගොඩවිල මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.