වෘත්තීය පුහුණු වැඩසටහන අද සිට.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් සිදු කර තිබේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් හිමිවේ.

Exit mobile version