අයිස්ලන්තයේ නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පසු ව කලාපයේ ගිනි කඳු පිපිරීමක් ඇති වීමේ ඉහළ අවදානමක් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, අවදානමට ලක් වූ ග්‍රින්ඩාවික් ගම්මානයෙන් පුද්ගලයන් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි.
එම ගම්මානයට සැතපුම් දෙකකට ආසන්න දුරකින් පසුගිය පැය 24 තුළ භූකම්පන 1,400ක් පමණ සිදු ව ඇති බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.