පූර්ණ ආබාධිතයින්ට ඡන්ද හැදුනුම්පත අද සිට.

මැතිවරණ ක්‍රියාවලිය තුළදී පූර්ණ ආබාධිත තැනැත්තන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ විශේෂයන් හඳුනාගැනීමට අදාළව තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (21) සිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (21) පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙන බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසූ බව සදහන්.

දෙසැම්බර් මස 03 වැනිදාට යෙදුණු ආබාධ තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙලෙස තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බවද ඔහු පවසා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව, ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සංවිධානය, පැෆරල් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සදහන්.

Exit mobile version