මහ ගංවතුරක් ගැන අනතුරු අඟවයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලින් තවදුරටත් වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට පිටාර මට්ටමේ පවතින නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇති වුවහොත් එය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

දිවයිනට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව සිටී.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර් 97 කි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාර්මාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා,

“ඉදිරි කාලය තුළ නිල්වලා ගඟ ද්‍රෝණියට මිලිමීටර් 150ක් වැනි වර්ෂාවක් ලැබුණ හොත් නිල්වලා ගංගාවේ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානම පවතිනවා.”

Exit mobile version