කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බවට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
මෙම ජල කප්පාදුව සිදු කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් බව සඳහන් .
හෙට(04) පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය දන්වා තිබේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජල ප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.