මේ දිනවල උඩවලව ජලාශය ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට බලපෑ ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි ජල මට්ටම සීඝ්රයෙන් පහළ යන බවත් , ඉන් පවුල් 89,000 කට පමණ පානීය ජලය ලබා දීම ගැටළුවක් වී ඇති බවත් , වර්ෂාව නොලැබුණහොත් ගොවිතැන සඳහා ජලය නිකුත් කළ හැක්කේ තව දින 10ක පමණ කාලයක් බවත් මහවැලි අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රත්නපුර , හම්බන්තොට ,මොණරාගල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සපුරන ප්‍රධානතම ජල මූලාශ්‍රය උඩවලව ජලාශය බවත්, මෙම ජලාශයෙන් ජල අවශ්‍යතා සපුරා ගන්නා පවුල් 89,000කට අධික බවත් , හෙක්ටෙයාර් 25,300කට පමණ ගොවි කටයුතු සඳහා මෙම ජලය සැපයෙන බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාපයේ නිලධාරීන් උඩවලව ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව වාර්තා කරයි.