උඩවලව ජලාශයේ ජලය හිගයි.

මේ දිනවල උඩවලව ජලාශය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට බලපෑ ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යන බවත් , ඉන් පවුල් 89,000 කට පමණ පානීය ජලය ලබා දීම ගැටළුවක් වී ඇති බවත් , වර්ෂාව නොලැබුණහොත් ගොවිතැන සඳහා ජලය නිකුත් කළ හැක්කේ තව දින 10ක පමණ කාලයක් බවත් මහවැලි අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

 රත්නපුර , හම්බන්තොට ,මොණරාගල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සපුරන ප්‍රධානතම ජල මූලාශ්‍රය උඩවලව ජලාශය බවත්, මෙම ජලාශයෙන් ජල අවශ්‍යතා සපුරා ගන්නා පවුල් 89,000කට අධික බවත් , හෙක්ටෙයාර් 25,300කට පමණ ගොවි කටයුතු සඳහා මෙම ජලය සැපයෙන බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාපයේ නිලධාරීන් උඩවලව ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව වාර්තා කරයි.

Exit mobile version