දැඩි නියඟයත් සමඟ ප්‍රධාන ගංඟාවල ජල ධාරිතාව පහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
ප්‍රධාන ජලාශවල සහ මහවැලි ජලාශවල ජලධාරිතාව පසුගිය 13 වනදා වනවිට 30%ක් දක්වා පහළ ගොස් තිබූ බව වාරි මාර්ග අධ්යක්ෂ (ජල විද්‍යාත්මක) ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 9.8%ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් , මහවැලි ජලාශ 11 ජල මට්ටමද 30%ක් පමණ දක්වා පහළ ගොස් තිබෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.