ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය , සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වී රජයේ අසාධාරණ බදු ප්රතිපත්තිය ඇතුළු කරුණු මූලික කරගනිමින් සිදු කරන වැඩ වර්ජනය සදහා සහය දැක්වීමට අද (14) පියවර ගත් බව වාර්තා වේ.
එමෙන්ම ජල සම්පාදනයේ සියලුම සේවකයන් අද (14) දිනයේ වරුවක් සහ හෙට (15) දිනයේ තම කාර්යාල සහ පාරිභෝගික සේවාවලින් ඉවත් වී වැඩ වර්ජනයක නිරත් වීමට කටයුතු කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධනයේ සම කැදවුම්කරු ඉන්ජිනේරු උපාලි රත්නායක මහතා ප්රකාශ කරන ලදී.ජල සම්පාදන සේවකයන් හෙට (15) දිනයේ පස්වරු 11.30 ට රත්මලාන ප්රධාන කාර්යාලයට රැස් වීමට නියමිතව තිබෙන අතර ඔවුන් රත්මලාන ගොලුමඩම හන්දියේ දී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරන ලදී.
ජල සැපයුම සම්බන්ධයෙන් වන බිද වැටීම් අලුත්වැඩියා නොකරන බවත් ඒ හේතුවෙන් ජල සැපයුම අඩාල වීමේ අවධානමක් පවතින බවත් , මනු සටහන් ගැනීම , බිල්පත් අය කිරීම , බිල්පත් නිකුත් කිරීම , නව ජල සම්බන්ධතා ලබා දිම , ජල සම්බන්ධතා විසන්ධි කිරීම යන කටයුතු සිදු නොකරන බවත් පොම්පාගාර කටයුතු පමණක් සිදු කරන බවත් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැදවුම්කරු අවධාරණය කරන ලදී.