සමනලෙන් උඩවලවට ජලය දීම ආරම්භ කෙරේ.

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම ආරම්භ කර තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළ බව වාර්තා වේ .

ඊයේ (07) දින මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර එයට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ද එක්ව සිටි බව සඳහන් .

මෙම සාකච්ඡාවේදී සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සම්බන්ධයෙනුත් , අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබේ .

Exit mobile version