අපේ ඔන්ලයින් ගනුදෙනු නෑ – තැපැල් දෙපාර්තමේන්තුව.

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන , ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා තොරතුරු අනාවරණය වී තිබුණි.

ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති බවත් ,  වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපියනය අවභාවිත කර ඇති බවත් ය.

අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින් මෙම වංචාව සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙසට එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version