බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 දින පැය 2330 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520 ක් පමණ උතුරු දෙසින් පැවතුනි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද, දෙසැම්බර් 05 දින පැය 1130 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිපයක් ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.