මඟුල් මඩුව හා බිසෝ උල්පැනගේ සන්නසකින් දළදා මාළිගාවට.

ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැනගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

රාජකීය මඟුල් මඩුව දැනටමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලිපියකින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දී ඇති අතර මල්වතු – අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව එය විධිමත් පරිදි සන්නස් පත්‍රයක් මඟින් පවරා දීමට උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version