පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බවට පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කර ඇති බව වාර්තා වේ.
2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් ගස් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් කපා දැමීමට සිදුව තිබේ.
තවමත් වැලිගම, හම්බන්තොට, මාතර, තංගල්ල ප්‍රදේශයන්හි පොල් ගස් ආශ්‍රිතව රෝගය පවතින අතර මෙම පොල් කොළ මැලවීමේ රෝගය මෙම වසර තුළදී සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවළක් ආරම්භ කර තිබේ.
එමෙන්ම මේ වන විටත් පොල් පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් මත මෙම රෝගය සඳහා ප්‍රතිරෝධීත්වයක් දක්වන පොල් ප්‍රභේදයක් හඳුනාගැනීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට හැකිව තිබේ.