රාජ්‍ය වෙසක් උත්සවය මෙවර හලාවතට.

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස හතර වනදා හලාවත – කබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බව බුද්ධ ශාසන , ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මැයි මස දෙවන දා සිට අට වනදා දක්වා වෙසක් සතිය පැවැත්වෙන බව කියයි. එමෙන්ම මෙවර වෙසක් දින තේමාව වන්නේ ” තමා තමාටම පහනක් වන්න ” යන්නයි.

Exit mobile version