IMF කොන්දේසි මොනවාද? මැතිවරණ කල් දමන කුමන්ත්‍රණය කුමක්ද? විරෝධතාකරුවන්ට පහරදුන්කඳුළු ගෑස් වල ප්‍රමිතිය හෙළිදරව් කරන්න. විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ කොන්දේසි මොනවා ද යන්න පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්,ජනමතයට එරෙහි ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හරහා දෙන පණිවිඩය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳවද ඒවායේ අන්තර්ගත යම් යම් දේවල් පිළිබඳවද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.