පළා ගිය කොල්ලකරුට සිදු වූ දේ.

කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයෙකුව පිරිසක් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අදාළ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් ඇති බවට පානදුර දකුණ පොලීසිය පැවසු බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළා යන අවස්ථාවේ, ඒ අවට සිටි පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහයක් ගෙන තිබේ.

අපහසුවෙන් සිටි සැකකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

Exit mobile version