මෙටා ආයතනය විසි සදහන් කර ඇත්තේ වට්ස්ඇප් පරිශීලකයින් විසින් සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන බවයි.
වර්තමානයේ whatsapp හරහා ඡායාරූප යැවීමේදී එහි පැහැදිලි හා ගුණාත්මකභාවය (Quality) අඩුවන බැවින් එය එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් නොමැති බව මෙටා ආයතනය සදහන් කර තිබේ.
ඒඅනුව ඔවුන් විසින් හදුන්වාදෙන මෙම නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මකභාවය (Quality) නොවෙනස්ව යැවිය හැකි බව එම සමාගම සදහන් කරයි.
මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ මේ හරහා HD තාක්ෂණය උපයෝගීකර ගනිමින් ඡායාරූප බෙදාගත හැකි බවයි.