Android සහ IOS මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙනුවෙන් WhatsApp සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව WhatsApp මෘදුකාංගය යාවත්කාලින කිරීම මඟින් පරිශීලකයන්ට WhatsApp හරහා ඡන්ද විමසීමක් සිදු කළ හැකි බව WhatsApp සමාගම සිය Twitter ගිණුම හරහා නිවේදනය කර තිබේ.
එමෙන්ම මෙම ඡන්ද විමසීම තනි, පුද්ගල වශයෙන් හා කණ්ඩායම් වශයෙන් එක් කළ හැකි අතර උපකල්පන අවස්ථා 12ක් දක්වා එම ඡන්ද විමසීම සිදු කළ හැකි බව WhatsApp සමාගම ප්රකාශ කර තිබේ.
එසේම එම විකල්ප අවස්ථා 12ට අමතරව වෙනත් විකල්පයක් ඇතුලත් කිරීමට අවස්තාවක් නොලැබේ.