වට්ස්ඇප් අලුත් වෙයි.

මෙටා විසින් වට්ස්ඇප් වෙත නව විශේෂාංගයක් එක් කර ඇති අතර මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් පරිශීලකයින්ට විශේෂිත චැට් අගුළු දැමීමට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

මෙලෙස චැට් අඟුළු දැමූ පසු එය වෙනම ගොනුවක ගබඩා කරන බවත් එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවත් මෙටා සමාගම ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම නව විශේෂාංගය හරහා තම චැට් රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලයින් සඳහා අමතර ආරක්ෂාවක් සලසන අතරම යම් අයෙක් දුරකථනය ගත් විට ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව අඟුළු දමා ඇති චැට් වෙත ප්‍රවේශ වීමට හා ඒවා දක්නට නොලැබෙන බව මෙටා සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version