ගෑස් මිල ඉහළ යන බවට ඉගි පලවීමත් සමඟ හැටන් හා ඒ අවට ප්‍රදේශ තුළ අද (04) දින ගෑස් හිඟයක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ගෑස් පාරිභොගියන් පිරිසක් ප්‍රකාශ කළේ ගෑස් මිල සංශෝධනයේදී ගෑස් මිල ඉහළ යන බවට ප්‍රචාරය වීමත් සමඟ මෙම ප්‍රදේශයන් තුළ හදිසියේ ගෑස් හිඟයයක් හට ගෙන ඇති බවයි.
මෙම ප්‍රදේශයන් තුළ සමහර ගෑස් අලෙවිසැල්වල ගෑස් නිමවීමත් , සමහර ගෑස් වෙළඳසැල් වසා දැමිමත් සමඟ මෙසේ ගෑස් හිඟයක් ඇතිවී ඇති බවද එම පිරිස් ප්‍රකාශ කරති.
ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන ලද්දේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ තම වෙළඳසැල්වල පවතින ගෑස් සිලින්ඩර් සඟවා 05 වන දින සිට එම ගෑස් වැඩිවන මිලට අලෙවි කිරීමට සමහර ගෑස් වෙළදඳසැල්වල් කටයුතු කිරිමත් සමඟ මෙම ගෑස් හිඟය ඇතිවන්නට හැකි බවට තමන් සැකකරන බවයි.
මෙම තත්ත්වයන් පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු ගෑස් වෙළඳුන් කිහිපදෙනකු ප්‍රකාශ කළේ තම වෙළඳසැල්වල තිබූ ගෑස් තොග නිමවීමත් සමඟ මෙම තත්ත්වයන් උදාවී ඇති බවයි.